Aug 29, 2010

ISBN මගින් පොත් ගැන විස්තර සොයමු..

පොතක ISBN සහ Bar-code සංකේත මගින් එම පොතේ අන්තර්ගතය සහ විවිධ තොරතුරු සොයන ආකාරය ගැන විමසා බලමු.  ISBN යන්නෙහි දීර්ඝ නාමය (International Standard Book Number) වෙයි. එනම් අන්තර්ජාතිකව සම්මතකරගත් නාමකරණයයි. උදාහරණයක් වශයෙන් රසායනික විද්‍යාවේදී විවිධ සංයෝග එකිනෙක වෙන්කර  හඳුනාගැනීම සඳහා ඒ ඒ සංයෝගයට අන්තර්ජාතිකව නිර්දේශ කර ඇති IUPAC නාමකරණයේ ආකරයට ය.
   
                   දැන් අපි බලමු ISBN සංකේත ක්‍රමයට පොතක නිර්දේශිත සැඟවුණු තොරතුරු මොනවාද කියල.


ඉහත රූපයේ පරිදි ISBN සංකේත ක්‍රමයට අනුව මුල් ඉලක්කම් කොටසින් ඒ ඒ පොතට පමුණුවන ලද කාණ්ඩ අංකය පීබිඹු වෙයි.එනම් අදාළ පොත නිකුත් කරන රටේ කාණ්ඩ අංකයයි. මෙහි ලැයිස්තුව බලා ගැනීමට මෙතනට පිවිසෙන්න. ඊලඟට අති කොටසින් නිරූපණය වනුයේ පොත් ප්‍රකාශකයාගේ නියමවූ අංකයයි. ලංකාව තුළ පොත් ප්‍රකාශකයින් සියලු දෙනාට ඒ ඒ අයට සුවිශේෂී වූ අංකයක් ඇත. එම නාමාවලිය අවශ්‍ය නම්  ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත ගොස් තම අවශ්‍යතාවය පවසා එය ලබාගත හැකි ය. මීලඟ අංක කාණ්ඩයේන් නිරූපිත වනුයේ පොතේ ග්‍රන්ථ නාමයයි. ඒ ඒ ප්‍රකාශකයා විසින් ප්‍රකාශය කරනු ලබන ඒ ඒ පොත වෙත වෙන වෙනම ග්‍රන්ථනාම සඳහා අංකයක් නිර්දේශ කර ඇත. අවසාන වශයේන් දැක්වෙන හඳුනාගැනීමේ අංක කාණ්ඩයෙන් දිස් වෙනුයේ යම් හෙයකින් අහ්ඩාල අංකයන් ගේ ගැටලුවක් මතුවන අවස්තාවලදී එහි ආරෂිත මුහුණතක් වශයෙනි එය හැම විටම එක් ඉලක්කමකින් නිරූපනය කෙරෙයි.

මේ අයුරටම බාකෝඩ් අංක ක්‍රමය යටතේත් දැක්වෙනුයේ හි ISBN සංකේතම වන අතර එයට අමතරව මුලින් දක්වෙන E-A-N කාණ්ඩය සුවිශේෂීව අදාළවේ. එනම්European Article Number වේ. එයත් අන්තර්ජාතිකව යොදා ඇති තවත් සංකේතයකි.


මෙහි ඇති සුවිශේෂිත්වය වනුයේ, ඔබ පොත් පිළිබඳව විස්තර එක් රැස් කරන්නේ නම් එහිදී එකින් එක දත්ත ඇතුලත් කිරීම වෙනුවට එකවර ISBN කේතය යොදාගෙන විශාල දත්ත ප්‍රමාණයක් ක්ෂණිකව අන්තර්ගත කළ හැකිවීමයි. (මෘදුකාංග ශිල්පීන්ට ඉතා වැදගත් වෙයි.)


Grantha 1.0



ISBNdb.com — unique book & ISBN database

5 comments:

Rasika Nanayakkara said...

බොහෝම ස්තූතියි. ඉතාමත්ම වටිනා සටහනක්.

ජය වේවා...

රාජ් said...

ඉතාම වටින ෙතාරතුරැ ටිකක්. ඒ්ත් මට හිෙතන්ෙන IPUAC කියන ඒක IUPAC (nternational Union of Pure and Applied Chemistry) විදිහට මාරැ ෙවන්න ඹ්න කියලයි.

DK said...

@රනා :.එලකිරි..!
@රාජ් : අහ්. ප්‍රින්ටින් මිස්ටේක් 1ක්. ගනන් ගන්න එපා දැන් හරි..!

DK said...

check this too:
http://www.facebook.com/notes/grantha-library-ware/grantha-/143960992309911

DK said...

ISBNdb.com — unique book & ISBN database

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms