Jun 26, 2010

ලංකාවෙ ක්‍රිකට් සහ 2011 ලෝක කුසලානය

පසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලාන තරඟාවලිය පුරාවට අති සාර්ථකව ක්‍රීඩාකළ ශ්‍රීලංකා කණ්ඩායමට අවසාන මහා තරඟයේදී අත්වූ දරුණු පරාජය ක්‍රීඩා ලෝලීන්ට නම් මහත් වේදනාවක් වූ බව අප කවුරුත් දනිමු...


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩිල්ශාන් මත කන්ඩායම රඳා පවතිනවා ද කියාත් වෙලාවකට සිතෙයි.  මීට පෙරත් කාලයක් ලංකාව සනත් ජයසූරිය කෙරෙන් ජීවත් වූ බව නොරහසකි..

එහෙත්.....
කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ලෝක පූජිත පිතිකරුවන්ගේ මානසිකත්වය අවසාන තරඟ වලදී බිඳ වැටීම නම් 2011 ලෝක කුසලානය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට එතරම් හොඬ්ද එකක් නොවේ....


දැනට එංගලන්තයේ නොටින්හැම් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩාකරන ආරම්භක පිතිකරු මෙන්ම ආරම්භක වමත් වේග පන්දු යවන චමින්ද වාස් අති දක්ෂ ලෙස තම ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවා ගෙන ඇති බව පෙනෙයි...

කෙසේ හෝ වේවා, අරවින්ද ද සිල්වා මහතා වාස් කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තබනු ඇතයි විශ්වාස කරමි.
වාස් නැවතත සංචිතයට ආගමනය වූ වහාම මෙහි 2 වෙනි කොටස ලිවීමට පොරොන්දු වෙමි...
ශ්‍රී ලංකා ජායි හෝ..!!!!

3 comments:

SIDATH said...

මම හිතන ආකාරයටනම්, අපේ රටේ දැනට තිබෙන ක්‍රීඩා පිටිවල දිවා රාත්‍රී තරඟ පැවැත්වීමට සුදුසු තත්වයක් නෑ. රාත්‍රියේ පන්දුවට පහර දෙන කණ්ඩායම පරාජයවීමේ සම්භාවිතාවේ අසාමාන්‍ය වැඩිබවක් තියෙනවා. මේක බලධාරීන්ට වලක්වන්න පුළුවන් දෙයක් ලෙස මා දකින්නේ නෑ. මෙය අපේ රටේ දේශගුණික තත්ව අනුව සිදුවන දෙයක්. ඉදිරියේදී නිමවන හම්බන්තොට හා පල්ලෙකැලේ පිටිවලවත් මෙවැනි තත්වයක් ඇති නොවේවායි ප්‍රාර්ථනාකරන්න පමණයි අපට හැකි. කොටින්ම, ශ්‍රී ලාංකිකයෙකු වුවද, ලෝක කුසලානයේ දිවා/රාත්‍රී තරඟ ශ්‍රී ලංකාවේ පවත්වනවාට මා විරුද්ධය. මන්ද, කාසියේ වාසියෙන් බොහෝ තරඟ තීරණයවේ.

ඩී.කේ. [DK] සහෝදරයාගේ ලිපිය හොඳයි. ඔහොම දිගටම ලියමු.

DK said...

Northamptonshire 164/5 (20/20 ov) Durham 134 (18.2/20 ov)
Northamptonshire won by 30 runs

WPUJC Vaas c †Mustard b Blackwell 73(49) 11Fours 1Six SR-148.97
*Chaminda Vaas(lfm) 3.2-0-23-3

Dinesh_Silva said...

මම නම් හිතන්නේ අපිට 2011 ලෝක කුසලානය සිහිනයක් පමණයි. ලෝක කුසලාන අවසාන තරඟයක ඇති preasure එක දරා ගන්න අපගේ 'සුපිරි' යැයි සම්මත කිසිම පිතිකරුවකුට නොමැත. පන්දු යවන්නන් බොහෝ විට තමන් ගේ කාර්්‍යය හරි හැටි ඉ‍ටු කරතත් පිතිකරුවන් ගේ ඇති දුර්වලතාවය නිසා අපට තරඟ ජයග්‍රහණ කිරීමට අපහසු වනු ඇත.

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Grants For Single Moms