ඔන්න ඉතින් අද දවස පටන් ගත්තෙ දහසක් වැඩරාජකාරි පිරිවරාගෙන. ඊයෙ රාත්‍රියෙ මූණු පොතේත් දැම්ම නොවැ "හෙට මාර වැඩ තොගයක් තියනව" කියල...
ඉතින් ඔන්න උදේ පාන්දරම ප්‍රින්ට් අවුට් වගයක් ගත්ත ඒක ගන්න ගියානෙ ලියන්න ගියාට වැඩිය වෙලාවක්. ඉස්කෝලෙ ගාව කඩේට නම් ආයෙ යන්නෙ නෑ නෑ නෑ නෑමයි.... ඊට පස්සෙ ඉස්කෝලෙට ගියා අපේ අර වී8 ක්‍රිකට් මැච් එකට ග්‍රවුන්ඩ් එක බුක් කරන්න. රඟපාන මල්ලි කෙනෙකුත් එක්ක යන්නයි හිටියෙ. කොහෙද ගේට්ටුව ගාවට ගිහිල්ල පැයක් විතර හිටිය ඒ යකා එනකන්. අනේ මටමනේ වෙන්නෙ. # fail
ඒ මදිවට ඉස්කොලෙට ගියාමයි දන්නෙ ප්‍රින්සිපල් අද කොලඹ ගිහින් කියල... හපොයි. දැන් ඉතින් මොනා කරන්නද ගියා වයිස් පිනා ගාවට කවුරුත් දන්නෙ තට්ටය කිව්වමනේ.. (ඇයි ඉතින් වයිස් පිනාල කීයක් කියල ඉන්නවද ) ඉතින් ඔන්න මෑන්ස් මොනාද බයිලයක් කිව්ව, ඒ පාර ලිවුම් කඩදාසියක් එහෙම...